රුසියානු තවත් නිළධාරීන් 67 කට ඔස්ටේ්‍රලියා සම්බාධක

රුසියානු පරිපාලනයට සම්බන්ධ තවත් නිළධාරීන් 67 දෙනකුට එරෙහිව ඔස්ටේ්‍රලියාව විසින් සම්බාධක පණවා තිබෙනවා.

එරට නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම ජනාධිපති ව්ලැඩිමිර් පූටින්ට හිතවාදී පිරිසක් මේ අතර වන බවයි විදේශ ඇමතිනී මරීස් පේන් නිවේදනය කර සිටියේ.

යුක්රේනයට එරෙහි සටන් ආරම්භයේ සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාව විසින් රුසියාවේ පුද්ගලයන් සහ ආයතන 600 කට වැඩි සංඛ්‍යාවකට සම්බාධක පණවනු ලැබ තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන නේටෝ රටවල සමුලුව අමතමිනුයි ඇය මේ බව කියාසිටියේ.

යුක්රේනයට තවත් මානුෂීය ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියාව මීට දින කිහිපයකට පෙරදීද තීරණය කරනු ලැබුවා.

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »