ජනපතිකම හර්ෂට දෙන්න – අවුරුද්දක් මට පඩි එපා – AusLanka TV – Australian News for the Sri Lankan community

ජනපතිකම හර්ෂට දෙන්න – අවුරුද්දක් මට පඩි එපා

ජනපතිකම හර්ෂට දෙන්න – අවුරුද්දක් මට පඩි එපා

කවුරුත්ම නැතිනම් ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

ආර්ථික විශේෂඥයකු  හෙයින් ඔහු රටේ ප්‍රශ්නය විසඳුණු  ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේදීය.

තමා වසරක්  වැටුප් ලබා නොගන්නා බවත් පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් ආහාර නොගන්නා බවත්  ඔහු කීවේය .

තමා  කැන්ටිමෙන් කෑවොත්  පෙන්නන්න යැයිද  හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

සෙසු මන්ත්‍රීවරුන්ද එවැනි අදහසකට පැමිණ යෝජනාවක් මේ සභාවට ඉදිරිපත් කිරිම වැදගත්  යැයි පැවසූ මන්ත්‍රීවරයා එමගින් මන්ත්‍රීවරුන්ගේ ගෞරවය යම්තාක් දුරට ආරක්ෂා කර ගත හැකි වනු ඇතැයිද  ප්‍රකාශ කළේය.

ජනතාව කොපමණ කාලයක්  පාරේ රැඳී සිටියත් පවතින  ප්‍රශ්නයට උත්තර නොලැබෙන බවත් ප්‍රශ්නයට උත්තරය මේ සභාව ලබාදිය යුතු  යැයි  තමාගේ අදහස බවත්  හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS