Search

ලංකාව ගැන IMF වාර්තාව එයි

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ද මූල්‍ය අරමුදලේ නිර්දේශවලට ඇතුළත්.

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

සංචාරකයන්ගෙන් ලැබීම් අහිමි වීම සහ රට අගුලූ දැමීම හේතුවෙන් එය වඩාත් බරපතල මට්ටමකට පැමිණි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුණගැසී තිබුණා.

ලබන මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සෙසු අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ යෝජනාවලිය ද රැගෙන අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »