2022 ආසියානු ක්‍රිකට් කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2022 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය විස්සයි විස්ස තරග රටාවට අනුව අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කොළඹ දී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීමේ දී එම තීරණය ගෙන තිබෙනවා.

2010 වසරට පසුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මේ රැස්වීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 40 දෙනෙක් පමණ සහභාගී වී තිබුණා.

එහි දී 2022 ආසියානු කුසලානය පැවැත්වෙන කාලවකවානුව සහ එහි සත්කාරකත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබුණා.

2018 වසරෙන් පසුව පැවැත්වෙන පළමු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර 2020 වසරේ දී තරගාවලිය පැවැත්වීම සඳහා සැලසුම් සකස් කර තිබූ නමුත්, ඒ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී පැවති කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වුනේ නැහැ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දරණ ටෙස්ට් වරම් තිබෙන කණ්ඩායම් 5ක් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය) සහ ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජය ගන්නා කණ්ඩායම් මෙවර ආසියානු කුසලානය සඳහා සහභාගී වනු ඇත.

ආසියානු කුසලාන සුදුසකම් ලබා ගැනීමේ තරගාවලිය අගෝස්තු 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එසේම 2000 වසරේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍ය සාමාජිකයෙක් (Associate Member) ලෙස සිටි කටාර් රාජ්‍යය මෙතැන් සිට පූර්ණ සාමාජිකත්වය හිමි කණ්ඩායමක් බවට උසස් කිරීම සිදු කිරීම ද විශේෂත්වයක්.

තවද, ආසියානු ක්‍රිකට් සභාපති වන Jay Shah මහතාගේ ධූර කාලය 2024 මහා සභාවාරය දක්වා වැඩි කිරීමට ද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »