“දකුණු ඔස්ටේ්‍රලියා පරාජය ෆෙඩරල් මැතිවරණයට බලපෑමක් නොවේ”

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණයේදී ලිබරල් සන්ධානය ලැබු පරාජය ෆෙඩරල් මැතිවරණයට බලපෑමක් එල්ල නොකරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

එම පරාජයට හේතුවූයේ ප්‍රාන්තය තුළ පැවති ඇතැම් කරුණු මිස ජාතික මට්ටමේ ගැටලු නොවන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

දකුණු ඔස්ටේ්‍රලියා හිටපු අගමැති ස්ටීවන් මාර්ෂල්ගේ ක්‍රියා කලාපයද අගමැති මොරිසන් මෙහිදී ඇගයීමට ලක් කලා.

ඊයේ පැවති දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණයෙන් විපක්ෂ ලේබර් පක්ෂය ජයගත් අතර රජයක් පිහිටුවීමට අවශය ආසන සංඛ්‍යාව ඔවුන් දැනටමත් තහවුරු කරගෙන අවසන්.

කෙසේවෙතත් විචාරකයන් පෙන්වා දෙන්නේ බොහෝ දුරට මැයි මාසයේදී පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවන ෆෙඩරල් මැතිවරණ ප්‍රථිඵලය පිළිබඳ ඉගියක් ඊයේ පැවති මැතිවරණයෙන් ලබාදී ඇති බවයි.

https://www.9news.com.au/national/sa-election-results-2022-scott-morrison-reaction/62f502b7-08ab-4ded-80d4-0d3750e1d983

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »