Search

මෙතෙක් බූස්ටර් එන්නත නොගත් ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක්

ඉදිරි සති වලදී කොවිඩ් ආසාදිතයින් ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් මෙතෙක් බූස්ටර් එන්නත නොගත් ඔස්ටේ්‍රලියානුවන්ට වහා ඒ සඳහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා.

වයස අවුරුදු 16 ට වැඩි ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 66 ක් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකකට වඩා ලබාගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් දැනට පැතිර යන කොවිඩ් උප ප්‍රභේදයක් මගින් නව කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවට දකුණු ඔස්ටේ්‍රලියානු විශ්ව විද්‍යාලය විසින් සිදුකර ඇති පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට චීනයෙන් දිනකට කොවිඩ් ආසාධිතයන් 1,000 ඉක්මවා වාර්තා වන බවද සඳහන්.

SOURCE : SBS

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »