
මෙවර අයි පී එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර නිකුත්කළ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව තහවුරු කර තිබුනා.
ලසිත් මාලිංග මීට පෙර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා.

මෙවර අයි පී එල් තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු 26 වනදායි.
එදිනට චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේදි තරග වැදීමට නියමිතයි.

මේ අතර ඉන්දියාවට එරෙහිව හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් පැතුම් නිස්සංක ඉවත් කර තිබෙනවා.
ඒ පිටකොන්දේ ආබාධයක් හේතුවෙන්.
දුෂ්මන්ත චමීරද හෙට ආරම්භවන තරගයෙන් ඉවත් කර ඇත්තේ ආබාධයකින් සුවවෙමින් සිටීම හේතුවෙන්.