ශ්‍රී ලංකා සියලු ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු 27% කින් ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකා සියලු ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු 27% කින් ඉහළට

ශ්‍රී ලංකා සියලු ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු 27% කින් ඉහළට

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව 03/11 දින අලුයම 12.01 සිට 27% කින් ඉහළ නංවා ඇත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස නිවේදනයක් නිකුත් කරමින් මෙයප්‍රකාශ කර සිටියේය .

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය මත ,රුපියල පාවීමට සැළස්වීමට ගනු ලැබූ තීරණය මත මේ වනවිට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 259.99 දක්වා ඉහළ ගොස් පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ

COMMENTS