
තායිලන්තයේදී මියගිය ඔස්ටේ්‍රලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ගේ දේහය මෙල්බන් නුවරට රැගෙනවිත් තිබෙනවා.
පුද්ගලික කුලී ගුවන් යානයකින් එය Essendon ගුවන් තොටුපළ දක්වා ගෙනවිත් තිබු බව සඳහන්.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ෂේන් වෝන් අභාවප්‍රාප්ත වූයේ පසුගිය සිකුරාදායි.

ඔහුගේ මරණය ස්වභාවික එකක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා.
ෂේන් වෝන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ලෙස ලබන 30 වනදා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.

ඊට පෙර පවුලේ සාමාජිකයන් පමණක් සහභාගීවන පුද්ගලික අවමංගල්‍ය උත්සවයක්ද පැවැත්වෙනු ඇති.
COMMENTS