ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් නිවාස 3000 කට පූර්ණ හානි – AusLanka TV – Australian News for the Sri Lankan community

ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් නිවාස 3000 කට පූර්ණ හානි

ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් නිවාස 3000 කට පූර්ණ හානි

ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස 3000 ක් පමණ වාසය කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ප්‍රාන්ත බළධාරීන් අද නිවේදනය කලා.

තවත් 5500 කට පමණ අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවයි ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලේ.

මේ වනවිට පුද්ගලයන් 1200 කට ආසන්න පිරිසක් තාවකාලික මධ්‍යස්ථානවල රඳවා තිබෙනවා.

මුලුමනින්ම නිවාස විනාශ වී ඇති පුද්ගලයන්ට ලබාදෙන සහනද අද නිවේදනය කෙරුණා.

ඒ අනුව ඔවුන්ට සති 16 ක නිවාස කුලී වෙනුවෙන් තනි පුද්ගලයෙකුට ඩොලර් 6000 ක් ද පවුලක් වෙනුවෙන් ඩොලර් 18,000 ක්ද ලබාදීමට නියමිතයි.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස හානි සිදුවූ පුද්ගලයන්ට ඩොලර් 75,000 ක උපරිමයක් යටතේ ආධාරයක් හෝ අඩු පොලී ණය මුදලක් ලබාදිමටයි සැළසුම් කර ඇත්තේ.

COMMENTS