ආණ්ඩුවට 2/3 අහිමිවන ළකුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් සන්ධානගතව සිටි හවුල්කාර පක්ෂ 10ක මන්ත්‍රිවරු 16 දෙනකු ලබන සතියේ සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි පුවත්පත් වාර්තා පවසනවා.

හිටපු ඇමැති විමල් වීරවංශගේ නිවසේ ඊයේ පැවැති මෙම පක්ෂ නායකයන්ගේ රැස්වීමකදීයි අදාළ තීන්දුව ගෙන ඇත්තේ.

එසේ වුවහොත් ආණ්ඩුවට ඇති 2/3 ක පාර්ලිමේන්තු බලයද අහිමි වී යනු ඇති.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අදාළ රැස්වීමට ඉදිරි පෙළ නියෝජිතයකු සහභාගි නොවීම විශේෂත්වයක්.

ඊයේ පෙරවරුවේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරු, අනෙකුත් හවුල්කාර පක්ෂවල නායකයන් සමග එක්ව කොළඹදී පවත්වන ලද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකටද නිදහස් පක්ෂයේ ඉදිරිපෙළ නියෝජිතයකු සහභාගි වී තිබුණේ නැහැ.

https://lankacnews.com/%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%a7-2-3-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%99%e0%b7%8a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-10/

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »