රුසියාව, Facebook – Twitter සහ YouTube අවහිර කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් ෆේස්බුක් – ට්විටර් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාල සිය රට තුල අවහිර කර තිබෙනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග හුවමාරු වන සාවද්‍ය තොරතුරු සඳහා වැට බැඳීමක් ලෙස මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක්ද රුසියාවේ සිට වාර්තාකරණය මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

මේ අතර රුසියානු හමුදා සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් හුවමාරු කරන පුද්ගලයින්ට උපරිමයෙන් වසර 15 ක සිර දඬුවම් නියම කිරීමට හැකි නව නියෝගයකට අත්සන් තැබීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ පියවර ගනු ලැබුවා.

මේ අතර යුක්රේන අර්බුදය පිළබිඳ සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක කවුන්සිලය ලබන සඳුදා දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ රුසියාවේ න්‍යෂ්ඨික ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බවයි.

ගුවන් මුක්ත කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට යුරෝපා සංගමය මෙතෙක් පියවර නොගැනීමද ඔහුගේ විවේච්චනයට ලක්වුණා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »