කැබිනට් පුටු මාරුවේ සියලු තොරතුරු – AusLanka TV – Australian News for the Sri Lankan community

කැබිනට් පුටු මාරුවේ සියලු තොරතුරු

කැබිනට් පුටු මාරුවේ සියලු තොරතුරු

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පස්වරුවේ එම ධුර වලින් ඉවත් කෙරුණා.

ඒ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත්තේ ගාමිණි ලොකුගේ යි.

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ අතර පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.

COMMENTS