Coles ඩ්‍රෝන මගින් භාණ්ඩ බෙදා හැරීම අරඹයි

සිල්ලර වෙළඳ භාණ්ඩ ඩ්‍රෝන මගින් බෙදා හැරීමට Coles සුපිරි වෙළඳ සැල් ජාලය පියවර ගෙන තිබෙනවා.

ACT ප්‍රාන්තයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක එහි අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතයි.

පාන් – කෙටි ආහාර – සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය – ටොයිලට් පේපර් ඇතුලු භාණ්ඩ 250 ක් පමණ මෙලෙස බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.

ඇණවුම් කර විනාඩි 10 ක් වැනි කෙටි කාලයකදී නිවසටම භාණ්ඩ ළගාකරවීමයි Coles හි සැලසුම වන්නේ.

සතියේ දිනවල හා සෙනසුරාදා පෙරවරු 08 සිට පස්වරු 04 යි 30 දක්වාත් – ඉරිදා දිනවල පෙරවරු 09 සිට පස්වරු 04 දක්වාත් මෙම ඩ්‍රෝන ඩිලිවරි සේවාව ක්‍රියාත්මකයි.

සේවක හිගය හමුවේ බෙදා හැරිම් අඩාල නොවී පවත්වාගෙන යාමට මෙය වඩාත් වැදගත් බවයි Coles පෙන්වා දෙන්නේ.

https://www.9news.com.au/national/coles-supermarkets-drone-delivery-to-customers-in-canberra/fdfb414c-14cb-4461-83c3-6e042620a9cc

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »