Breaking: අගමැති ස්කොට් මොරිසන්ට කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: අගමැති ස්කොට් මොරිසන්ට කොවිඩ්

Breaking: අගමැති ස්කොට් මොරිසන්ට කොවිඩ්

ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා තමන්ට සුලු රෝගී ලක්ෂණ පැවති බවත් එහිදී සිදුකල දෛනික පරීක්ෂණ හරහා සෘණාත්මක ප්‍රථිඵල ලැබුණු බවත් අගමැතිවරයා කියාසිටියා.

කෙසේවෙතත් ඊයේ (01) දිනයේදී සිදුකල පී සී ආර් පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ අගමැතිවරයාට කොවිඩ් ආසාධනය වී ඇති බවයි.

ඉදිරි සතියක පමණ කාලය තමන් සිඩ්නි නුවර පිහිටි නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකරන බවත් නිවසේ අනෙකුත් සාමාජිකයන්ද හුදකලාව සිටින බවත් ස්කොට් මොරිසන් අගමැතිවරයා සඳහන් කලා.

අගමැතිවරයා ඊයේ දිනයේදී නාවුරු රාජ්‍යයේ ජනාධිපතිවරයාද මුණගැසී තිබූ අතර කැන්බරා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වුණා.

COMMENTS