
යුක්රේනයට සහය පළකරමින් රුසියානු මත්පැන් වර්ජනය කිරීමට ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රධාන මත්පැන් අලෙවි සැල් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව Dan Murphy’s සහ BWS වෙළඳසැල් නිවේදනය කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සියලුම රුසියානු මත්පැන් සිය වෙළඳ සැල් තුළින් ඉවත් කරන බවයි.
හෝටල් සහ ඔන්ලයින් ඇණවුම් සඳහා රුසියානු මත්පැන් සැපයීමද අත්හිටුවිමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

මේ අනුව වොඩ්කා ඇතුලු ජනප්‍රිය රුසියානු මත්පැන් පරිභෝජනයට ඉදිරි දිනවලදී ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාවක් නොලැබෙනු ඇති.
වික්ටෝරියා හි යුක්රේන ජන ප්‍රජාව කල ඉල්ලීමකුයි මෙම තීරණය සඳහා මූලිකවම බලපා ඇත්තේ.

COMMENTS