රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සියලු ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සියලු ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දීමක්

රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සියලු ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දීමක්

පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය සියලුම පුරවැසියන්ට දන්වා සිටිනවා.

යුරෝපා සංගමය විසින් මේ වනවිට සියලුම රුසියානු ගුවන් යානා සඳහා තහනමක් පණවා තිබීමද ඊට ප්‍රධාන හේතුවක්.

දැනටමත් රුසියාවේ සිටින ඔස්ටේ්‍රලියානුවන්ට වහා ඉන් ඉවත් වන්නැයිද විරෝධතා වැනි දෑට සම්බන්ධවීමෙන් වළකින්නැයිද ෆෙඩරල් රජය දන්වා සිටී.

ස්විෆ්ට් බැංකු ගණුදෙනු ජාලයෙන් රුසියාව ඉවත් කිරීමත් සමග ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු සිදුකිරීම සඳහාද රුසියානුවන්ට බාධා එල්ල වී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-02-28/ukraine-war-australia-travel-advice-warnings-not-to-enter-russia/100867512

COMMENTS