
මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සෙෆලයිටීස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් සම්බන්ධයෙන් වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින් අනතුරු ඇගවීමක් සදුකර තිබෙනවා.
ඒ වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත දෙකෙහිම ගොවිපොළ ආශ්‍රිතව ඌරන්ගෙන් ලබාගත් සාම්පලවල තිබී මෙම වෛරසය හමුවීමත් සමගයි.
මිනිසුන්ට සහ සත්වයන්ට යන දෙකොට්ඨාශයටම ජැපනීස් එන්සෙෆලයිටීස් වෛරසය බෝවිය හැකියි.

කෙසේවෙතත් මිනිසුන්ගෙන් මිනිසුන්ට මෙම වෛරසය බෝවීමේ හැකියාවක් ඇත්තේ නැහැ.
සිදුකල යුතු වන්නේ මදුරු දෂ්ඨන වළක්වාගැනීම බවයි වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

විශේෂයෙන් අවුරුදු 05 ට අඩු දරුවන් කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන ලෙසටයි දැනුම්දීමක් සිදුකෙරෙන්නේ.
COMMENTS