Search

“ඇග වැඩියි කියලා භානුකව එළියට දාලා – 96 දී අර්ජුනගේ ඇග කොහොමද ???”

මුල් පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දියාවට එරෙහි සංචිතයට ඇතුළත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියෙන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

කිලෝ මීටර් 2ක යෝග්‍යතා ධාවනය භානුක විසින් සම්පූර්ණ කර ඇතත් ස්කින්ෆොල්ඩ් පරීක්ෂණයෙන් ඔහු තවමත් නිසි මට්ටමට පැමිණ නොතිබීම හේතුවෙන් මෙසේ ඔහු ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ද භානුක රාජපක්ෂ ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට අලෙවි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය පෙබරවාරි 24 දා පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ආරම්භ වන අතර එයට විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

ඒ අනුව මෙම තරඟාවලියට සහභාගිවන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ ධනුෂ්ක ගුණතිලක ද ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්.

https://www.facebook.com/103520204340416/videos/652701082515863/?__cft__[0]=AZU5NKUnhwvlFI_Zz7yY-ug4mzZKuLWftzuiRL1vgh_pkqgGugrZwuERJbG-8fgrb-ga5IpeFPpT5de6oTPrmYzyRe8I2qiMaFhfMd62NPeDDxdS1i7eYt799DBLL_BmYn96qB299-pSUJ8CeFXWX14LREh2EaUkonhFGGy8Yx_QKw&__tn__=%2CO%2CP-R

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »