Breaking: පාස්කු නඩුවෙන් හේමසිරි නිදොස් කොට නිදහස් – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: පාස්කු නඩුවෙන් හේමසිරි නිදොස් කොට නිදහස්

Breaking: පාස්කු නඩුවෙන් හේමසිරි නිදොස් කොට නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

නාමල් බලල්ලේ ,ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශ කළේ ය.

අධිචෝදනා 855 යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවයි.

නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩු ගොනුකර තිබෙනවා.

පසුගිය මස 19 වනදා සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් පසු එම චෝදනාවලින් හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා නිදහස් කරන්නේද? විත්ති වාචකය කැඳවන්නේ ද? යන නියෝගය අද මෙලෙස ප්‍රකාශ කළේ ය.

COMMENTS