Search

හෙට සිට වික්ටෝරියා කොවිඩ් රෙගුලාසි කිහිපයක් ලිහිල් කරයි

හෙට එනම් සිකුරාදා පස්වරු 06 සිට බලාත්මක වන පරිදි වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෙගුලාසි කිහිපයක් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව hospitality ස්ථානවල උපරිම පාරිභෝගික සංඛ්‍යාවන් ඉවත් වන අතර සුපිරි වෙළඳසැල් සහ සිල්ලර අලෙවිසැල්වලදී Check-in වීමද අනිවාර්ය වන්නේ නැහැ.

එහෙත් සහ අවන්හල්වලදී තවදුරටත් QR කේත ක්‍රමය අනිවාර්ය බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

නැටුම් – ගැයුම් – Dancefloor සඳහා යළි අවසර හිමිවනවා.

මුව ආවරණ නීති තවදුරටත් අඛණ්ඩව බලාත්මක වන අතර කාර්යාලවල මුව ආවරණ භාවිතය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා දිනයේදී නැවත විමසා බැලීමට නියමිතයි.

වික්ටෝරියා සේවා අංශ කිහිපයකට පණවා තිබූ අනිවාර්ය කොවිඩ් පරීක්ෂණද හෙට පස්වරු 06 සිට ඉවත් වනවා.

ප්‍රාන්තයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට Service Victoria වෙතින් පූර්ව අවසරය ලබාගැනීමද හෙට සිට ඉවත් කර තිබෙනවා.

පූර්ණ එන්නත්කරණය නොමැති විදෙස් සංචාරකයන්ට මෙතෙක් පැවති දින 14 ක නිරෝධායන කාලසීමාව දින 07 ක් දක්වා අඩු කර තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-restrictions-to-ease-density-limits-dining-vouchers-mask-rules/b084dbb7-cace-4c22-8ab3-7d17d1831acb

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »