PHOTOS : සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ බොලිවුඩ් තරුව පැවිදි දිවියට

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කළ ඉන්දීය සිනමා නළු ගගන් මලික් බ්‍රහස්පතින්දා බැංකොක් නුවර විහාරස්ථානයකදී පැවිදි දිවියට ඇතුළත් විය.
බැංකොක් හි Wat Thatthong රාජකීය තායි බෞද්ධ විහාරයේ ඔහු පැවිදි වූ අතර ඉදිරි දින 15ක කාලයක් මලික් භික්ෂුවක් ලෙස ගත කරනු ඇත.
“ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් හෙට (බ්‍රහස්පතින්දා) පැමිණේ. බැංකොක්හි Wat Thatthong (රාජකීය ආශ්‍රමය) දින 15 ක් පැවිදි වීම,” ගගන් මලින් පසුගිය බදාදා සිය ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් ද තබමින් කියා සිටියේය.
“අනෙක් සියලුම මිතුරන් සහ රසිකයින්ට මට ආශීර්වාද කරන්නැයි.” ද එහි සදහන් විය.
ගගන් මලික් වරක් පෞද්ගලික නාලිකාවක සිය හැඟීම් හෙළි කළේ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කතාවේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය රඟපෑම ඔහුගේ ජීවිතය සහ ආකල්පය මුළුමනින්ම වෙනස් කළ බවටයි.
මෙමගින් බොහෝ සුබවාදී ව්‍යාපෘති රැසක් ආරම්භ වී ඇති අතර, තායිලන්තයේ සහ ලොව පුරා සිටින බෞද්ධයන් සඳහා ට්‍රයි රත්තනපුම් සමාජය සමඟ තවත් ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් රැසක් ඔහු විසින් දියත් කරනු ලබයි.
ඔහු පසුගිය අඟහරුවාදා තවත් පෝස්ටුවකින් කියා සිටියේ තමාට ධර්මය ඉගෙන ගැනීමට සහ ඉන්දියාවේ ආගම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය බවයි.
“ධර්මය ඉගෙනීමට කාලයයි – අනිත්‍ය තේරුම් ගැනීමට කාලයයි – දැනුම ලබා ගැනීමට කාලයයි – ඉන්දියාවේ ධමයේ රෝදය පෙරළීමට කාලයයි” ඔහු ලිවීය.
ගගන් මලික් යනු ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ජනප්‍රියතම නළුවෙකි. ඔහුට තායිලන්තය ඇතුළු බොහෝ ආසියාතික රටවල ද රසික රසිකාවියන් සිටි.
මලික්ගේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වූයේ 2013 වසරේ දී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නිරූපණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරු ලෙස චරිත නිරූපනය වේ.
චිත්‍රපට හඬපටය තායි ඇතුළු භාෂා කිහිපයකින් හඬ කැවුනු අතර 2014 වසරේ හැනොයි හි පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සහ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන කිහිපයක් දිනා ගත්තේය.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »