අමෙරිකා ප්‍රහාරයකින් ISIS නායක මරුට

IS ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙකු ඝාතනය කිරීමට හැකිවූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

අමෙරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් විසින් අදාළ මෙහෙයුම සිදුකර ඇත්තේ, වයඹදිග සිරියාවේය.

IS ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු ඊබ්‍රහිම් අල් හෂිමි අල් කුරේෂි ඉලක්ක කර අමෙරිකානු විශේෂ හමුදා භට කණ්ඩායමක් වයඹදිග සිරියාවේ මෙහෙයුමක් දියත් ඇත.

අමෙරිකානු හමුදාවේ හෙලිකොප්ටර් යානා රැසක් තුර්කි දේශසීමාවට ආසන්නව ඉඩ්ලිබ් පළාතේ පිහිටි ප්‍රදේශයකට මධ්‍යම රාත්‍රියේ ගොඩබස්වා තිබූ අතර එම යානා යළි පිටත්වීමට පෙර එම ප්‍රදේශයෙන් වෙඩි හා ෂෙල් ප්‍රහාර හඬ ඇසුණු බව සිරියානු මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙහෙයුමෙන් පසු ජනාධිපති ජෝ බයිඩන් තැබූ ට්විටර් සටහනක දැක්වුණේ, අපගේ සන්නද්ධ හමුදාවේ හැකියාවන්ට සහ නිර්භීතභාවයට ස්තූතිවන්ත වන්නට අබු ඊබ්‍රහිම් අල් හෂිමි අල් කුරේෂි සටන් බිමෙන් ඉවත් කිරීමට හැකි වූ බවය.

 

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »