
ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ රට තුළ කොවිඩ් සීමා යළි බලාත්මක කිරීමත් සමග සිය විවාහ මංගල උත්සවය තාවකාලිකව අවලංගු කිරීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් තීරණය කර තිබෙනවා.
නීතිය සියල්ලන්ට එක හා සමාන බැවින් තමන් මෙම තීරණය ගත් බවයි වෙලිංටන් නගරයේ අද පැවති මාධ්‍ය හමුවකදී අගමැතිනිය කියාසිටියේ.
අද සිට තවත් මාසයකට බලාත්මක වන පරිදි නවසීලන්තය විසින් නැවතත් කොවිඩ් සීමා පණවා තිබෙනවා.

ඒ අනුව උත්සව අවස්ථාවක සිටිය යුතු අමුත්තන් සංඛ්‍යාවේ උපරිමය 100 ක් වනු ඇති.
නව රෙගුලාසිවලට අනුව පොදු ස්ථානවලදී මුව ආවරණ පැලඳීම අනිවාර්යය කිරීමටත්, මහජන ඒකරාශීවීම් සීමා කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස නව සෞඛ්‍ය රෙගුලාසි පැනවීමට නවසීලන්ත රජය තීරණය කර ඇත්තේ එරට සමාජය තුළින් ඔමික්‍රෝන් ආසාදිතයින් 09 දෙනෙකුගෙන් යුත් පොකුරක් හඳුනා ගැනීමත් සමගයි.
ඉකුත් දා පැවැති විවාහ මංගල උත්සවකට සහභාගී වූ පිරිසකගෙන් එම ආසාදිතයින් පිරිස හඳුනාගෙන තිබෙනවා.