Breaking: ජොකොවිච් ගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගුයි

සර්බියානු ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ගේ වීසා බලපත්‍රය දෙවන වරටත් අවලංගු කිරීමට ඔස්ටේ්‍රලියානු බළධාරීන් මීට ටික වේලාවකට පෙර පියවර ගත්තා.

සංක්‍රමණ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි එම තීරණය ගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය ආරම්භවීමට දින කිහිපයකට පෙර මෙලෙස ඔහුගේ වීසා අවලංගු කෙරුණු අතර ජොකොවිච් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කිරීමේ අවධානමකටද ලක්ව සිටිනවා.

එන්නත්කරණයෙන් තොරව ඔස්ටේ්‍රලියාවට පැමිණීම හමුවේ පළමුවරට ඔහුගේ වීසා අවලංගු කෙරුණේ පසුගිය 06 වනදායි.

එහෙත් අධිකරණය එම තීන්දුව අවලංගු කරනු ලැබුවා.

එහෙත් ඔස්ටේ්‍රලියානු ආගමන නීතියට අනුව බරපතල වරදක් ලෙස සැළකෙන, වීසා ලබාගැනීම සඳහා අසත්‍ය තොරතුරු දීමේ වරද පිළිගැනීමත් සමගයි දෙවන වරටත් ඔහුගේ වීසා අවලංගු කිරීමට ඔස්ටේ්‍රලියානු බළධාරින් පියවර ගත්තේ.

මෙම තීරණයට එරෙහිවද අභියාචනයක් ගොණු කිරීමට ඔහුට හැකියාවක් ඇතත් පිටුවහල් කිරීමකින් ගැලවීමට ඇති ඉඩකඩ ඉතාම අල්ප බව සඳහන්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »