
කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග මෙල්බර්න් නගරයේ නිරෝධායන හෝටල් 02 ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර තිබෙනවා.
ප්‍රාන්ත වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය ජේම්ස් මර්ලීනෝ පැවසුවේ අසාධ්‍ය තත්වයේ පසු නොවන රෝගීන් පමණක් ඒවා වෙත යොමු කෙරෙන බවයි.
දැනට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින බරපතල නොවන රෝගීන් ලබන සඳුදා සිට මෙම MediHotel වෙත මාරු කිරීමට නියමිතයි.

එමගින් අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවල වැඩි ඉඩ පහසුකම් සැලසීමත් තදබදය අවම කිරීමත් සැළසුම වී තිබෙනවා.
මෙම එක් හෝටලයක රෝගීන් 300 දෙනෙකුට ඉඩ පහසුකම් පවතිනවා.
