Cleo Smith හමුවීම ගැන අගමැති මොරිසන් ඇතුලු විශාල පිරිසකගෙන් සුභ පැතුම්

දින 18 ක් අතුරුදන්ව සිටි ක්ලියෝ ස්මිත් දැරිය හමුවීමේ පුවත අද දිනයේදී ඔස්ටේ‍රලියාවේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වී අවසන්.

ඇය හමුවීම සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් ඇතුලු බොහෝ පිරිසක් සුභ පැතුම් පණිවිඩ නිකුත් කර තිඛෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතින බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය.

පොලිස් කණ්ඩායමක් අද අලුයම 1 ට පමණ Carnarvon ප්‍රදේශයේ අගුලු දැමූ නිවසකට කඩා වැදුණු අතර එහිදී එක් කාමරයක සිරවී සිටි මෙම දැරියව සොයා ගනු ලැබුණි.

ඔක්තෝබර් 16 වන සෙනසුරාදා අලුයම බටහිර ඔස්ටේ්‍රලියාවේ කඳවුරු භූමියක සිටියදී දැරිය අතුරුදන් වූවාය.

“Cleo ජීවතුන් අතර හොඳින් ඉන්නවා” නියෝජ්‍ය කොමසාරිස් Col Blanch නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

source : https://www.9news.com.au/national/cleo-smith-update-how-police-found-missing-western-australia-girl-in-carnarvon/4e8a2c70-bd65-4de2-b0ed-64f1fbf08d01

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »