ලංකාවේ වාහන මිළ ගැන සුභාරංචියක්

VEHICLE

විශාල වශයෙන් ඉහල ගොස් තිබූ වාහන මිල ගණන් යම් දුරකට පහල බැස ඇතැයි ආනයනකරුවන් කියා සිටී.

මේ වන විට වාහනවල මිල යම් ස්තාවර මට්ටමක පවතින්නේ යයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සදහන් කරයි.

නමුත් වාහන අමතර කොටස් මිල පාලනයකින් තොරව මිල ඉහළ ගොස් ඇති අතර පාරිභෝගික අධිකාරියට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇත.

සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ ඩොලරයේ මිල වැඩිවීම ඇතුළු කාරණා මත මෙසේ අමතර කොටස් මිල ඉහල ගොස් ඇති බවයි.

පවතින තත්වය හමුවේ අසාධාරණ ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක ට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇත.

ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට එරෙහිව වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම සම්බන්ධව අධිකරණයේ නඩු පවරා ඇත.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »