අපරාධයකට සූදානම් වූ අයෙකු ගිණි අවියක්ද සමග Melbourne CBD හිදී අත්අඩංගුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

අපරාධයකට සූදානම් වූ අයෙකු ගිණි අවියක්ද සමග Melbourne CBD හිදී අත්අඩංගුවට

අපරාධයකට සූදානම් වූ අයෙකු ගිණි අවියක්ද සමග Melbourne CBD හිදී අත්අඩංගුවට

කිසියම් අපරාධයකට සූදානම් වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගිණි අවියක්ද සමග Melbourne CBD හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Bourke Street හි වෙළඳ සැලක් අසලදී සැකකරු අත්අඩංගුවට ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියාසිටී.

North Melbourne හි පදිංචි 23 හැවිරිදි අයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර අදාළ කලාපයේ නීතිය කඩ කිරීමේ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැත.

මෙම තැනැත්තා පිළිබඳ තොරතුරු ලැබී විනාඩි 02 ක් ඇතුළත අත්අඩංගුවට ගැනීම සිදුවූ බවද වික්ටෝරියා පොලිසිය කියයි.

 

source : https://www.9news.com.au/national/alleged-gunman-arrested-in-melbourne-cbd-ahead-of-restrictions-easing/f5011c8e-6c4f-4c15-9455-7ec9b8d9343e