ඔස්ටේ්‍රලියාවේ විශාලතම මූල්‍ය වංචා සිද්ධියකට 05 දෙනෙකු මෙල්බර්න් හිදී අත්අඩංගුවට

ඔස්ටේ්‍රලියාවේ විශාලතම මූල්‍ය වංචා අතුරින් එකක් ලෙස සැළකෙන ඩොලර් මිලියන 62 ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළව සැකකරුවන් 05 දෙනෙකු මෙල්බර්න් හිදී අත්අඩංගුවට ගෙන තිඛේ.

බැංකු ගිණුම් 250 ක් ඔවුන් විසින් හසුරුවා ඇති අතර පසුගිය මාස 12 පුරා සැකකරුවන් මෙම මුදල් හුවමාරු කර ඇත.

Burwood, Box Hill & Blackburn පදිංචි සැකකරුවන්ට එරෙහිව මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොණු කර තිඛේ.

චීන සම්භවයක් සහිත පිරිසක් වන මොවුන් චීන සමාජ ජාලයක් හරහා මෙම වංචාව සිදුකර ඇති බවද සඳහන්.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම පිරිස සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන සිදුකර තිබුණා.

Porsche, BMW X5, Toyota Landcruiser and Mercedes Coupe C200 ඇතුලු වාහන රැසක්ද මෙම පිරිස සතුව තිබී සොයාගත් බවයි වාර්තා වන්නේ.

source : https://www.9news.com.au/national/five-arrested-after-investigation-into-alleged-melbourne-money-laundering-operation/f578bffa-f36a-42a4-ab6b-3567a6e65af7

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »