Search

තවත් නඩුවකින් බැසිල් නිදහස්

2015 ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතුවලදී ජී අයි බට ලබාදීමේදී මුදල් අවභාවිත කල බව කියන සිද්ධියට අදාළ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් කර තිබෙනවා.

එමෙන්ම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාද අදාළ නඩුවෙන් නිදහස් කෙරුණා.

කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන්නේ නීතිපතිවරයා විසින් අදාළ චෝදනා ඉවත් කරගැනීම හේතුවෙනුයි.

ඉල්ලීම පිළිගත් අධිකරණය විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් ඔවුන් නිදහස් කිරීමට තීන්දු කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ  දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු ට අයත් රුපියල් 36,509,124/- ක මුදලක් වැයකොට ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් එම මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »