Search

සිඩ්නි සිට ක්වන්ටාස් ගුවන් ගමන් නොවැම්බර් 01 සිට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අද ප්‍රකාශයට පත් කල නව සැළසුමට අනුව ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම නොවැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය කටයුතු යොදා තිබේ.

ඒ අනුව සිඩ්නි – ලොස් ඇන්ජලීස් හා සිඩ්නි – ලන්ඩන් ගුවන් ගමන් එදින සිට ආරම්භ වනු ඇති.

අනෙකුත් නගරවල සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම දෙසැම්බර් සහ ජනවාරි මාසවල සිට ආරම්භ කරන බවද ක්වන්ටාස් නිවේදනය කලේය.

ලබන පළමුවනදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිනෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට නිරෝධායනය බල නොපැවැත්වෙන බව ප්‍රාන්ත රජය අද දැනුම් දුන්නේය.

කෙසේවෙතත් එය අදාළ වනුයේ ඔස්ටේ්‍රලියානු පුරවැසියන් / ස්ථීර පදිංචිකරුවන් / ඔවුන්ගේ දෙමව්පියන්ට පමණි.

මේ අතර සති අන්තය වනවිට නිවු සවුත් වේල්ස් එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 සීමාව අභිබවා යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

source : https://7news.com.au/travel/australians-to-be-able-to-travel-overseas-from-november-1-as-qantas-brings-forward-international-flights-c-4245456

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »