
වික්ටෝරියා ප්‍රාන්තයේ අවසර ලත් සේවකයින්ට තම රාජකාරී කිරීමට අද පටන් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා තිබීම අනිවාර්ය වනවා.
නැතිනම් පළමු මාත්‍රාව ලබාගැනීමට වේලාවක් හෝ වෙන් කරවාගෙන තිබිය යුතුය.
ලබන අඟහරුවාදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් නිරෝධයනයෙන් නිදහස් කෙරේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,179 ක් හමුව ඇත.
මරණ 6ක් ද වාර්තා විය.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21,324 කි.
ඊයේ දිනයේදී (14) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 73,942 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 38,752ක් ලබා දී තිබේ.