සිඩ්නි පානීය ජලය “අමුතු රසක්” ගැනීමට හේතුව හෙළිවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි පානීය ජලය “අමුතු රසක්” ගැනීමට හේතුව හෙළිවෙයි

සිඩ්නි පානීය ජලය “අමුතු රසක්” ගැනීමට හේතුව හෙළිවෙයි

නළ මාර්ග ඔස්සේ ලැබෙන පානීය ජලය අමුතු රසකින් යුක්ත බවට සිඩ්නි නගර වාසීන් පැමිණිලි කර තිබේ.

පසුගිය දින කිහිපය තුළදී Warragamba Dam ආශ්‍රිතව පැවති දැඩි සුළං සහිත කාළගුණය මීට හේතුව බවයි Sydney Water සඳහන් කලේ.

කෙසේවෙතත් ජලය පානයට බිය නොවන්නැයිද සියලු පිරිසිදු කිරීම්වලින් අනතුරුව පරිභෝජනය සඳහා යොමු කරන බවද ඔවුන් අවධාරණය කරනවා.

පානීය ජලය පැවති තත්වයට පත්වීම සඳහා තවත් සති කිහිපයක් ගතවිය හැකි බවද Sydney Water ප්‍රකාශ කලා.

ඔස්ටේ්‍රලියාව තුළ පරිභෝජනය සඳහා නියමිත ප්‍රමිතීන් වලට අනුකූලව පමණක් පාරිභෝගිකයන් වෙත සැපයුම ලබාදෙන බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ.

source : https://www.9news.com.au/national/sydney-city-experiences-change-in-taste-of-tapwater/54f334e5-c7d9-441c-b79c-4181ffc287b6