ඔස්ටේ්‍රලියා එන්න ඉන්න වෛද්‍යවරුන්ට හා හෙදියන්ට සුබ ආරංචියක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල සෞඛ්‍ය පද්ධතිය තුළ හටගෙන ඇති ඉතා හදිසි පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වෛද්‍යවරුන් හා හෙදියන් 2000 ක් ඉතා කඩිනමින් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

මින් බහුතරය මහා බි්‍රතාන්‍යය සහ අයර්ලන්තයෙන් ගෙන්වා ගැනීමට නියමිත බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ දැනටමත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට දේශ සීමා විවෘත කල සැණින් රටට ඇතුලුවීමට මේ යටතේ අවසර හිමිවනු ඇති බවයි.

එමගින් දැනට ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය පද්ධතියේ නිර්මාණය වී ඇති පුරප්පාඩු ඉතා ඉක්මණින් සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙලෙස පැමිණෙන වෛද්‍යවරුන් හා හෙදියන් පිටත අර්ධ නාගරික (suburban) සහ ප්‍රාදේශීය රෝහල් මෙන්ම සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි.

බි්‍රිතාන්‍ය සහ අයර්ලන්ත වෛද්‍යවරුන්ට හා හෙදියන්ට වැඩි ප්‍රමුඛතාවයක් දී ඇත්තේ ඔවුන්ගේ සුදුසුකම් ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙනි.

source : https://www.9news.com.au/national/coronavirus-australia-update-plan-to-bring-thousands-of-overseas-doctors-and-nurses/4ebb4932-db39-4cc0-ab45-923309daa24a

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »