ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අවසර

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට මෙ‍ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම සඳහා ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ‍ඇතුළු අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්ය.

දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද එහි දැක්වේ.

ඒ අනුව, එකී ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »