නත්තලට පෙර ඔස්ටේ්‍රලියානුවන් හැකිතාක් රටට ගෙන්වා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

ලොව පුරා රටවල සිරවි සිටින ඔස්ටේ්‍රලියානුවන් මව්බිමට ගෙන්වා ගැනීම සඳහා රජයේ පහසුකම් යටතේ ගුවන් යානා යෙදවීමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

නත්තල් සමය වනවිට හැකිතාක් ජනයා රටට ගෙන්වා ගැනීමයි එහි අරමුණ වන්නේ.

මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් දැනට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින පිරිස 45,000 ක් පමණ වනවා.

නත්තල් වනවිට ඔස්ටේ්‍රලියානුවන් හැකි උපරිමයක් ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන ලෙසයි අගමැති ස්කොට් මොරිසන් ද දැනුම්දී තිබුණේ.

කෙසේවෙතත් ඊට පෙර සියයට 80 එන්නත්කරණ ඉලක්කය සපුරා ගත යුතු බවත් අගමැතිවරයා අවධාරණය කර තිබිණ.

දැනට විදෙස්ගතව සිටින පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ඔස්ටේ්‍රලියානුවන්ට රටට පහසුවෙන් පැමිණිය හැකි පරිදි කටයුතු සම්පාදනය කෙරේ.

source : https://www.9news.com.au/national/australians-stranded-overseas-may-be-offered-flights-to-return-home-for-christmas-coronavirus-lockdown-update/75749be6-8619-4bed-9c98-282a37c7b207

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »