Search

වික්ටෝරියා ප්‍රාන්ත මානසික සෞඛ්‍ය සේවා සඳහා අතිරේක අරමුදල්

Yass Valley නගර සභා කලාපයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සැප්තැම්බර් 9 හෝ ඊට පසුව එම ප්‍රදේශයේ වාසය කළ හෝ එම ප්‍රදේශයට ගිය සෑම පුද්ගලයෙකුම නිවසේ සිටිය යුතු බවට NSW Health නිවේදනය කර තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,127 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 445 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ දෙකක් වාර්තා වේ.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 3,799 ක් සිටින අතර එයින් 85% ක්ම වයස අවුරුදු 50 ට අඩු අය බව සඳහන්.

මේ අතර වික්ටෝරියා ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ ප්‍රජා මානසික සෞඛ්‍ය සේවා පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 22.1 ක මුල්‍ය ප්‍රතිපාදන වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රාන්ත අගමැති James Merlino ප්‍රකාශයට පත් කළේය.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »