වික්ටෝරියා අධිවේගී මාර්ගයක දරුණු අනතුරක් – කාන්තාවන් 02 ක් මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා අධිවේගී මාර්ගයක දරුණු අනතුරක් – කාන්තාවන් 02 ක් මරුට

වික්ටෝරියා අධිවේගී මාර්ගයක දරුණු අනතුරක් – කාන්තාවන් 02 ක් මරුට

වික්ටෝරියා ප්‍රාන්තයේ Laharum හිදී semi-trailer රථයක් සමග ගැටුණු මෝටර් රථ 02 ක ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මේ හේතුවෙන් Western Highway අධිවේගී මාර්ගයේ Horsham සහ Stawell අතර Dadswell Bridge ආසන්න කොටස වසා දමා ඇත.

එක් මෝටර් රථයක සිටි පිරිමි අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ට්‍රක් රථයේ රියදුරා තුවාල ලබා නොමැති අතර ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.