Search

Lockdown නොතකා දහස් සංඛ්‍යාත පිරිසක් සිඩ්නි වෙරළ තීරයන්ට

bondi sydney beach

අති විශාල ජනකායක් සිඩ්නි වෙරළ තීරයන්ට පැමිණීමත් සමග ඒවා වසා දැමීමට නිවු සවුත් වේල්ස් බළධාරීන් පියවර ගෙන තිබෙනවා.

Lockdown තත්වයද නොතකා දහස් සංඛ්‍යාත පිරිසක් Bondi ඇතුලු වෙරළ තීරයන් වෙත පැමිණ ඇති බව සඳහන්.

අද දිනයේදී යහපත් කාළගුණ තත්වයක් පැවතීමයි ඊට හේතුව වන්නේ.

එමෙන්ම සිඩ්නි ප්‍රාදේශීය කලාප 12 ක සංචරණ සීමා ලිහිල් කිරීමද තවත් හේතුවක්.

කෙසේවෙතත් මෙලෙස පැමිණි පුද්ගලයන් හරවා යැවීමට පොලිසිය කටයුතු කලද එය අසාර්ථක වී තිබේ.

Pic – DAN HIMBRECHTS/AAPIMAGE