12 ට වැඩි සියල්ලන්ට ෆයිසර් අනුමත කල ඔස්ටේ්‍රලියාවේ පළමු ප්‍රාන්තය මෙන්න

වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන්ට ෆයිසර් එන්නත ලබාදීම අනුමත කල ඔස්ටේ්‍රලියාවේ පළමු ප්‍රාන්තය බවට දකුණු ඔස්ටේ්‍රලියාව පත්ව තිබෙනවා.

මේ අනුව වයස අවුරුදු 60 ට වැඩි ජනතාවට පවා එම එන්නත සුදුසු බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් ඇඩිලේඩ් නුවර අද පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කලේ.

ලබන සඳුදා සිට අවුරුදු 12-15 අතර ළමුන්ට මෙන්ම අවුරුදු 60 ට වැඩි සියල්ලන්ට ෆයිසර් එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි බවද ඔහු සඳහන් කලා.

දැනට දකුණු ඔස්ටේ්‍රලියාව තුළ පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති සංඛ්‍යාව සියයට 40 කි.

ඉන් බහුතරයට ලබා දී ඇත්තේ ඇස්ට්‍රා-සෙනෙකා එන්නතයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »