ඩොලර් මිලියනයක ලොතරැයි දිනුමක් දිනා සමස්ත මුදලම පරිත්‍යාග කල ඔස්ටේ්‍රලියානුවෙක්

ඩොලර් මිලියනයක ලොතරැයි දිනුමක් දිනා එම සමස්ත මුදලම පරිත්‍යාග කල ඔස්ටේ්‍රලියානුවෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.

Peter Charleton නම් මොහු වාසය කර ඇත්තේ සිය මාමා වන Charlie සමගයි.

දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිට ඇති  Charlie ට කිසිදු දිනයක ලොතරැයි දිනුමක් ලැබී නැතත් සතිපතා ඒවා මිළයට ගෙන තිබේ.

මෑතකාලීනව Charlie මියගොස් ඇති අතර Peter Charleton දිනපතා ලොතරැයි මිළද ගෙන ඇත.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර Peter විසින් TattsLotto ලොතරැයියෙන් ඩොලර් ලක්ෂ 10 ක දිනුම ලබා ඇති අතර සැවොම මවිතයට පත් කරමින් ඔහු විසින් එම මුලු ත්‍යාග මුදලම පරිත්‍යාග කර තිබේ.

Peter Charleton පවසන්නේ සිය මාමා වන Charlie විසින් තමාට දුන් ත්‍යාගයක් ලෙස සළකා එම මුදල පරිත්‍යාග කල බවයි.

 

Pic – 7News

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »