“ෆයිසර් පමණක් දුන්නා නම් අපි මීටත් පසුපසින්”

ෆයිසර් එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබුවේ නම් ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩපිළිවෙල මීටත් වඩා අඩු වේගයක පවතින්නට තිබූ බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

කොවිඩ් මර්දන එන්නතක් හැකි ඉක්මණින් ඔස්ටේ්‍රලියාව තුළ නිපදවීම ආරම්භ කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙරටදී නිපදවන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත්වල නිෂ්පාදනය ඉහළ දැමීමටද කටයුතු කරන බවයි අගමැති මොරිසන් වැඩිදුරටත් සඳහන් කලේ.

සෑම ප්‍රාන්තයක්ම නිසි එන්නත්කරණ වේගයක් පවත්වාගත හොත් සියයට 70-80 ඉලක්කය ජයගැනීම අභියෝගයක් නොවන බවද අගමැතිවරයා ප්‍රකාශ කලේය.

දැනට ඔස්ටේ්‍රලියාවේ අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් මාත්‍රා 02 ම ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 39 කි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »