ගංගාවලට මුට්ටි දැමූ එළියන්ත වයිට් හටත් කොරෝනා

දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත වයිට් හට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

ඔහු පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්වුයේ කොරෝනා වසංගතය පාලනය කළ හැකි බලයක් තිබෙන බවට කළ ප්‍රකාශයක් නිසාවෙන්.

එමෙන්ම ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ මුට්ටි කිහිපයක් ද ගංගාවලට දමනු ලැබුවා.

කොරෝනා සුව වීමට විශ්මිත ඔසුවක් හැදූ බව කියූ ඔහු ඒ ඔසු මුට්ටිවල දමා  සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවු පවිත්‍රා වන්නිආරච්ව් ඇතුළු ප්‍රබල ඇමතිවරුන්ට ලබා දී තිබුණා.

ඔවුන් ඒවා ගංගා වලද පා කළ හැරියා.

කෙසේ වෙතත් වයිට් මේ වෙද්දී කොළඹ සුපිරි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න බවයි වාර්තා වෙන්නේ.

වාර්තා වුයේ, ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුටත් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »