අවසරයකින් තොරව වික්ටෝරියා Regional කලාප වෙත යන පුද්ගලයින්ට $ 5,500 ක දඩ

වික්ටෝරියානු Regional කලාප සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය අතර සීමාවන්හි රාජකාරී කරන පොලිස් නිලධාරීන් ගේ සංඛ්‍යාව ඉහළ දමා තිබේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සිට අවසරයකින් තොරව වික්ටෝරියානු Regional කලාප වෙත යන පුද්ගලයින්ට $5,500 ක් දක්වා දඩ නියම කළ හැකිය.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 324 ක් හමුවී තිබේ.

ඒ අතරින් 107 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවට සොයාගෙන ඇත.

ACT හි නව ආසාදිතයින් 15 ක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් ආසාදිතයින් අට දෙනෙක් වයිරසය වැළදී තිබියදී ප්‍රජාව තුළ සිටි බව සඳහන්.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »