ජීවනෝපායන් අහිමිවූ වික්ටෝරියා කුලී නිවැසියන්ට ආර්ථික සහන දෙන නව වැඩසටහනක්

වික්ටෝරියා lockdown නීති නිසා ආර්ථික පීඩාවට පත්ව සිටින කුලී නිවැසියන්ට ආර්ථික සහන සලසන නව වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.

වික්ටෝරියා නිවාස අමාත්‍ය Richard Wynne නිවේදනය කළේ මාසික ආදායමෙන් 30% කට අධික නිවාස කුලියක් ගෙවන පුද්ගලයන්ට සහ මාසික කුලී ආදායමෙන් 20% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අහිමි වූ කුලී නිවාස හිමියන්ට එමගින් සහන සැළසෙන බවයි.

අදාළ පුද්ගලයන්ට ඩොලර් 1500 ක උපරිමයක දීමනාවක් හිමිවනු ඇත.

පසුගිය මැයි 27 වනදායින් පසු සිය ජීවනෝපායන් අහිමිවූ වික්ටෝරියාවාසීන් මිට සුදුසුකම් ලබයි.

වාර්ෂික ආදායම ඩොලර් 62,860 ට අඩු තනි පුද්ගලයන් සහ ඩොලර් 94,300 ට අඩු විවාහක යුවල සඳහා මෙම සහනයට අයදුම් කල හැකිය.

කෙසේවෙතත් ඩොලර් 2000 ට වඩා ඉතිරිකිරීම් ඇති අයට මෙම දීමනාව හිමි නොවේ.

Lockdown නීති නිසා රැකියා අහිමිවූ සහ සේවා පැය ගණන අඩුවූ කුලී නිවැසියන් හට නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකිවීම මත නිවාස වලින් නෙරපා හැරීම සති 12 කට තහනම් කිරීමට ACT රජය ද පියවර ගෙන තිබේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »