අතුරුදන්වූ 03 හැවිරිදි පිරිමි දරුවා පැහැරගෙන ඇති බවට සැකයක්

නිවු සවුත් වේල්ස් Hunter Valley හිදී අතුරුදන්වූ 03 හැවිරිදි පිරිමි දරුවා පැහැරගැනීමකට ලක්ව ඇති බවට ඔහුගේ මව සැක පළකරයි.

Autism රෝගයෙන් පෙළෙන Anthony Elfalak සිය සහෝදරයාද සමග සෙල්ලම් කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්වූයේ පෙරේදා දහවල් කාලයේයි.

මේ වනවිට පාබල හමුදා – යතුරු පැදි භට කණ්ඩායම් – අශ්වාරෝහක අංශ ඇතුලු විශාල පිරිසක් කිලෝමීටර් 80 ක වපසරියක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

මෙම දරුවාගේ නිවස වටා ඝණ වනාන්තර ප්‍රදේශයක් වීම හමුවේ සෝදිසි මෙහෙයුම් අසීරු වී ඇති බවද පැවසේ.

Autism රෝගී තත්වයෙන් පෙළෙන ඔහුට කථා බහ කිරීමටද නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ.

නිවු සවුත් වේල්ස් Hunter Valley හි පිහිටි සිය නිවසින් අතුරුදන්ව ඇති 03 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පොලිසිය හා ගිණි නිවීම් අංශ සේවකයන්ද emergency service සේවකයන් 100 ක් පමණ මෙන්ම ප්‍රදේශවාසීන්ද ඊට එක්ව සිටී.

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »