නවසීලන්තයටත් කලින් ශ්‍රී ලංකාව විසින් හෙළිකල ඕක්ලන්ඩ් ත්‍රස්තයාගේ සුළමුල මෙන්න

නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් සිදුකළ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු අනාවරණය කර තිබේ.

32 හැවිරිදි වියේ පසුවූ ඔහු මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැති පුද්ගලයෙකු බවට ලාංකික බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අදාළ තැනැත්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ තැනැත්තාට සමීප තැනැත්තන්ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.

මෙම පුද්ගලයා 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවටයි හෙළි වී ඇත්තේ.

කෙසේවෙතත් මොහුගේ අනන්‍යතාවය මේ දක්වා නවසීලන්ත බළධාරීන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

සැකකරු මීට ඉහතදී ද පිහි ප්‍රහාරයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව මුදාහරිනු ලැබූවෙකු බව තහවුරු වී තිබෙනවා.

අයි එස් මතවාදය සහිත මොහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලකට ඇතුළුව එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහරදුන් අතර එහිදී පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේය.

අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ ළඟ තබාගැනීම, කෘෘරත්වය ප්‍රවර්ධනය කිරීමේ ආදී චෝදනා හේතුවෙන් 2016 වර්ෂයේ සිට නවසීලන්ත ආරක්ෂක අංශ ඔහු පිළිබඳව දැඩි අධීක්ෂණයකින් සිට ඇත.

2017 වර්ෂය වන විට එරට ආරක්ෂක අංශ සම්සුදීන් අදිල්ට එරෙහිව චෝදනා 23ක් ගොනු කර තිබේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »