Search

මෙල්බර්න් උද්ඝෝෂණයකදී පොලිස් නිළධාරියෙකුට පහරදුන් පුද්ගලයාට චෝදනා ගොණු කරයි

මෙල්බර්න් නගරයේ පැවති Lockdown විරෝධී උද්ඝෝෂණයකදී පොලිස් නිළධාරියෙකුට බිම දමා පහරදුන් පුද්ගලයාට එරෙහිව චෝදනා ගොණු කර තිබේ.

Southbank හි පදිංචි 48 හැවිරිදි අයෙකුට මෙලෙස චෝදනා ගොණු කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයට දින 07 ක Lockdown තත්වයක් පණවන ලද පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙල්බර්න් CBD හිදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවය පවත්වා තිබිණ.

සැකකරු අද මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

 

පෙර පුවත : Lockdown එපා කියා මෙල්බර්න් විරෝධතා / පොලිස් නිළධාරියෙකුට බිම දමා පහර දෙයි / 15 ක් අත්අඩංගුවට

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »