BREAKING: අද රාත්‍රී 08 සිට වික්ටෝරියා දින 07 කට Lockdown

breaking

අද එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී 08 සිට වික්ටෝරියා ප්‍රාන්තය දින 07 කට Lockdown කර තිබේ.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් එය නිල වශයෙන් නිවේදනය කලේය.

මේ අනුව පාසල් – පොදු ස්ථාන ඇතුලු සියලු ස්ථාන වසා දැමේ.

සමස්ත ප්‍රාන්තයටම මෙම රෙගුලාසි බලාත්මකයි.

අත්‍යවශ්‍යම කරුණු 05 කට පමණක් නිවාසවලින් පිටතට යා හැකියි.

– ආහාර හෝ අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිලයට ගැනීමට
– සත්කාරක සේවා
– ව්‍යායාම් කටයුතු
– එන්නත ලබාගැනීම
– රැකියා හෝ අධ්‍යාපන කටයුතු

නිවාසවලින් පිටතට ගමන් කල හැකි වනුයේ උපරිම කිලෝමීටර් 05 ක දුරකට පමණි.

එමෙන්ම අවන්හල් විවෘතව තැබිය හැකි නමුත් Take-away ක්‍රමයට පමණක් ආහාර ලබාගත යුතු අතර ඇතුළත රැඳී සිට ආහාර ගත නොහැකිය.

මෙල්බර්න් නගරයෙන් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු ඊයේ දිනයේදී හමුවීමත් ඉන් 02 දෙනෙකුටම වෛරසය වැළඳුණු ආකාරය තහවුරු නොවීමත් හමුවේ නගරය නැවතත් Lockdown කර තිබේ.

නිවු සවුත් වේල්ස් හි දැනට පවතින තත්වය වැනි දරුණු තත්වයක් අත්කර නොගැනීමට එවැනි ක්‍රියාමාර්ගයක් ඉවහල් වනු ඇති බවයි අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් කියාසිටියේ.

ඊයේ ප්‍රාන්තයෙන් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් අතුරින් එක් අයෙකු Al-Taqwa පාසලේ ගුරුවරියකි.

තවත් 03 දෙනෙකු පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව හඳුනා ගැණින.

මෙය වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කල 06 වන අවස්ථාවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »